Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අධිකරණ ඇමති හෙට නැගෙනහිර සංචාරයක

|Tue,01 March 2016 03.00 PM|Political| Page Views : 32

අලුත් පුවත්
ඕමාන් බස්අනතුරක් 18ක් මරුට 14කට තුවාල
මහනුවර රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ රථ වාහන සැළැස්මක්
65 හැවිරිදි පුද්ගලයක් 12 හැවිරිදි දැරියක් විවාහකරගෙන
දෙවුන්දරින් මුහුදු ගිය ධීවරයින් පිරිසකට ප්‍රහාරයක්
ප්‍රථම වතාවට ලෝක කුසලානයට විනිසුරුවරියන්
 
නැගෙනහිර පළාතේ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල අධිකරණ කටයුතු නීරීක්ෂණ කිරීම සදහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හෙට(02) සහ අනිද්දා(03) දිනවල සංචාරයක නිරත වේ.

යුක්තිය පසිදලීමේ කාර්ය මහජනතාවට වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ලබාදීමේ අරමුණින් දිවයිනේ අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම යටතේ අධිකරණ ගොඩනැගිලි හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා මේ වසරේ රුපියල් මිලියන 984ක් වෙන් කර ඇත. එම මුදල් උපයෝගී කරගෙන නව අධිකරණ සංකීර්ණ, ගොඩනැගිලි,මහේස්ත්‍රාත්වරුන්ගේ හා නීතීඥවරුන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීම, ලේඛණාගාර හා නිල නිවාස ඇතුළු පොදු පහසුකම් වැඩිදියුණු කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය මේ වන විට කටයුතු ආරම්භ කර තිබේ.

එම ඉදිකිරීම්වල ප්‍රගතිය සොයා බැලීම සදහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පවතින අධිකරණ සංකීර්ණ නිරීක්ෂණය කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම නීරීක්ෂණ චාරිකාවේ නැගෙනහිර පළාතේ මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්ක වල අධිකරණ නීරීක්ෂණය කිරීම මාර්තු 02 ආරම්භ වන අතර,පස්වරු 5.00ට මඩකලපුව මහාධිකරණ සංකීරණය නිරීක්ෂණයට ලක් කරන අතර, ඉන් අනතුරුව මහාධිකරණය සංකීර්ණයේ පවතින අඩුපාඩු හා යුක්තිය පසිදලීමේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටුකිරීම සදහා මඩකලපුව නීතීඥ සංගමයේ නීතීඥවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වනු ඇත.

මාර්තු 03 වන දින පෙ.ව 9.00ට කල්මුණේ මහාධිකරණ සංකීර්ණය අධිකරණ අමාත්‍යවරයාගේ නීරීක්ෂණයට ලක් කෙරෙන අතර,එහි පවතින අඩුපාඩු පිළිබදවද නීතීඥ සංගමය සමග සාකච්ඡා කරනු ඇත. එදිනම පෙ.ව 11.00 අම්පාර මහාධිකරණ සංකීර්ණයට පැමිණෙන අමාත්‍යවරයා එහි අධිකරණ කටයුතු නීරීක්ෂණය කර අම්පාර දිස්ත්‍රික්කයේ නීතීඥ සංගමය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න