Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

Facebook භාවිතය ඉහළට

|Tue,01 March 2016 03.30 PM|Miscellaneous| Page Views : 40

අලුත් පුවත්
ගාමිණී තිලකසිරි අද දිවුරුම් දෙයි
පුංචි ඡන්දෙට එජාප අයදුම් මාර්තු 31 තෙක්
අධිකරණ ඇමති හෙට නැගෙනහිර සංචාරයක
ඕමාන් බස්අනතුරක් 18ක් මරුට 14කට තුවාල
මහනුවර රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ රථ වාහන සැළැස්මක්
65 හැවිරිදි පුද්ගලයක් 12 හැවිරිදි දැරියක් විවාහකරගෙන
දෙවුන්දරින් මුහුදු ගිය ධීවරයින් පිරිසකට ප්‍රහාරයක්
ප්‍රථම වතාවට ලෝක කුසලානයට විනිසුරුවරියන්
 
මෙරට සමාජ ජාල මාධ්‍ය භාවිතය ක්‍රමයෙන් ඉහළ යන බවත්, ඒ අතරින් මුහුණුපොත (Facebook) භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයනාංශ අංශාධිපති ආචාර්ය ලෝචන්දක රණතුංග මහතා ප්‍රකාශ කළේය. එය ප්‍රතිශතයක් ලෙස 92.63% ක් වන බවද ඔහු කීය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29දා) පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී රණතුංග මහතා මේ බව කීය.පසුගිය වසර තුළ මෙරට ජනගහනය මිලියන 20.36 දක්වා වැඩි වී ඇති අතර, ජංගම දුරකථන භාවිත කරන්නන් ප්‍රමාණය මිලියන 27.40 ක් වී ඇති බවත්, එය ප්‍රතිශතයක් ලෙස 135% ක් බව සමීක්ෂණ මගින් අනාවරණය වී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මෙරට අන්තර්ජාල භාවිත කරන්නන් ප්‍රමාණය මිලියන 4.79 (24%) පමණ වී ඇති අතර, සමාජ ජාල වෙබ් අඩවි භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 2.80 ක් (14%) වී තිබේ.

කෙසේ වෙතත් මෙරට ජනයාගේ සමාජ ජාල වෙබ් අඩවි පරිශීලනය අතරින් ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතය ඉතා වේගයෙන් ඉහළ යන බවත්, Twitter භාවිතය 2.89% හා Google+ භාවිතය 0.74% ක් පමණ වන බවත් අනාවරණය වී ඇතැයි ආචාර්ය ලෝචන්දක රණතුංග මහතා පැවසීය. ලෝක මට්ටමේ තත්ත්වය මීට වඩා වෙනස් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

නවතම සංඛ්‍යාලේඛන අනුව මේ වසරේ ජනවාරි වනවිට ලෝක ජනගහනය බිලියන 7.4 ක් පමණ වන බවත්, ඒ අතරින් බිලියන 3.419 ක් අන්තර්ජාලය භාවිත කරන බවත් අනාවරණය වී තිබේ.

මේ අතරින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් බිලියන 2.307 සිටින අතර, ලෝකයේම මේ වනවිට ජංගම දුරකථන භාවිත කරන්නන් බිලියන 3.790 ක් පමණ වන බවද නවතම සමීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න