එදා රනිල් ජනාධිපතිවරයා අයි.එම්.එෆ්  එක්ක යන විට ඒක පතුරු ගහපු තමුන්නාන්සේලාට ඒ වැල් පාලමේම යන්න වෙච්ච එක ගැන පුදුම හිතෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. "අයවැයට ඔන්න මෙන්න කියා තිබියදී ජනාධිපතිතුමා රැස්වීම් මාලාවක් අමතමින් භාණ්ඩාගාරය පිරී ඉතිරී තිබෙන බව කියමින් රට පුරා ඇවිද්දා.පසුගිය වසර දෙකේ වචන වලට පමණක් සීමා වෙච්ච නිසා මෙවර අතපය දිග ඇරලා සහන පිට සහන දෙනු ඇතැයි ජනතාව සිතුවා.ජනතාවගේ පැත්තෙන් බැලුවාම ඒක සාධාරණයි. තමුන්නැහෙලාගේ එදා කතාවලට රැවටිච්ච මිනිස්සු හාල්මැස්සන්ට, උම්බකඩ වලට මිරිස් වලට සහන එන විට රතිඤ්ඤා කීපයක් පත්තු කළා.දැන් මිනිස්සු කියන්නේ ඉතිරි රතිඤ්ඤා ටික ඔබේ ආණ්ඩුව ගෙදර යන දවසක පත්තු කරන්න තියාගත් බවයි යනුවෙන් මන්ත්‍රීවරයා කීය.