කැනඩාව සඳහා නම් කරන ලද මහ කොමසාරිස් රෝහණ අඹගොල්ල මහතා සහ පිලිපීනය සඳහා නම් කරන ලද තානාපති අන්සුල් බානු ජාන් මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී හමුවූ අතර එහිදී ඔවුන්ගේ ඉදිරි රාජකාරි කටයුතු සඳහා සුබ පැතුම් පිරිනැමුවාය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට පවතින අවස්ථා ගවේෂණය කිරීම සඳහා සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ අධ්‍යාපන ආයතන අතර හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය කැනඩා මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළාය.
එමෙන්ම, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සමීප සබඳතා පවත්වාගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එම ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ද සඳහන් කළාය.
කැනඩා - පිලිපීන ලංකා දූත මණ්ඩල ප්‍රධානීහු අගමැතිනිය හමුවෙති
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.