දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ, පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේය.
අක්කර 10.5ක ප්‍රමාණයක ඉදිකර ඇති මෙම සූර්ය විදුලි බලාගාරයෙන් වාර්ෂිකව නිවාස 7,500ක පමණ විදුලි සැපයුම් සපුරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනය මෙට්‍රික් ටොන් 6440කින් පමණ අවම කර ගැනීමට මෙයින් හැකියාව ලැබෙන අතර වාර්ෂිකව ඩීසල් මගින් විදුලි උත්පාදනයට වැයවන ලීටර් මිලියන 2.5ක් ඉතිරි කරන අතර, එමගින් වාර්ෂිකව විදේශ මුදල් ඩොලර් මිලියන 3ක් මෙරටට ඉතිරි කෙරේ.
දිය ජනනි පුද්ගලික සමාගම විසින් ඉදිකරන ලද මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් දේශීය ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ සහාය ලබා ගනිමින් ඉදිකර තිබීම විශේෂත්වයකි.
ඉදිකිරීම් කාලය තුළ ප්‍රදේශයේ ජනතාව අතරින් පුද්ගලයින් 150 දෙනෙකුට පමණ රැකියා අවස්ථා හිමි වූ බව සඳහන්ය.
සමරු ඵලකය නිරාවරණය කර “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා පාලක මැදිරිය වෙත පැමිණ එහි කටයුතු ද නිරීක්ෂණය කළේය.
මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රජා සත්කාර රැසක් ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදු වූ අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවලටද එක් විය.
ඒ අනුව ශ්‍රි විවේකාරාම විහාරස්ථානය සඳහා ජෙනරේටරයක් සහ ධර්ම ශාලාවේ වැඩකටයුතු සඳහා රුපියල් 800,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම, ධීවර ප්‍රජාවගේ මඩ පොකුණු සාදා ගැනීම සහ ධීවර ආම්පන්න මිලදී ගැනීම සඳහා රුපියල් 2,000,000ක මූල්‍ය ප්‍රදානයක් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හරිත උද්‍යානයක් නිර්මාණය කිරීම සඳහා රුපියල් 1,000,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම, ආනකටාව ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන සියලුම සිසුන්ට වසරකට අවශ්‍ය පාසල් උපකරණ සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 800,000ක මුදලක් පරිත්‍යාග කිරීම, වීර මොහාන් ජයමහ විද්‍යාලය සහ ජල ව්‍යාපෘතියක් සිදුකිරීම සඳහා රුපියල් 400,000ක මූල්‍ය පරිත්‍යාගයක් කිරීම ඇතුළු පරිත්‍යාග රැසක් සිදු කෙරිණි.
දිය ජනනි පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.