චාවකච්චේරිය මුලික රෝහලට අංග සම්පුර්ණ ඖෂධ ගබඩාවක් සමඟ කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක් හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පෙරවරුවේ චාවකච්චේරිය මුලික රෝහල් පරිශ්‍රයේදී මුල්ගල තැබීමට නියමිතය.
ඒ සඳහා වෙන් කර ඇති වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 282.52කි.
උතුරු පළාතේ ජනතාවට වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් රජය දියත්කරන නව වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති ද්විත්වය පළාත් සභා අරමුණ යටතේ ක්‍රියාත්මක වන බව සඳහන්ය.
මෙහි ඉදිකිරීම් 2027 වසරේ අගෝස්තු මස අවසන් කිරීමට සැලසුම් කර ඇත.
රෝහලේ සෝපනය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ද මීට සමඟාමීව ආරම්භ වන අතර ඒ සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 53කි.
එම ප්‍රතිපාදන උතුරු පළාත් සභා ප්‍රතිපාදන යටතේ ලබාදෙනු ලබන අතර එම ව්‍යාපෘතිය 2027 මැයි මස අවසන් කිරීමට සැලසුම් කර ඇත.
චාවකච්චේරිය මුලික රෝහලට අංගසම්පුර්ණ ඖෂධ ගබඩාවක් සමඟ කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.