සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාජා එම දඬුවමින් නිදහස් කරගැනීම සඳහා මෙරට පාර්ලිමේන්තුවේ දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් එක්ව ජනාධිපතිවරයාගෙන් මෙන්ම සෞදි අරාබි රජුගෙන්ද විශේෂ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
මෙම තීරණාත්මක මැදිහත්වීම සඳහා සමස්ත ලංකා ජමිය්තුල් උලමා සංවිධානයේ සහයෝගය ලබාගැනීමටද අපේක්ෂිතය.
කල්මුණේ, නර්පත්තිමුනේ පිහිටි අනෝජන්ගේ නිවස වෙත ගිය රිෂාඩ් බදියුදීන් මහතා, ඔහුගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් මුණගැසී සිය කනගාටුවද පළකර ඇත.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, සෞදි අරාබියේ පවතින නීතිමය තත්ත්වය මත මෙම ගැටලුව සංකීර්ණ වී ඇති බවත්, සමස්ත මුස්ලිම් සමාජයම 100%ක්ම අනෝජන්ගේ පවුල වෙනුවෙන් පෙනී සිටින බවත්ය.
තවද, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට සිටින සෞදි අරාබි නියෝජ්‍ය තානාපතිවරයා හමුවීමට මේ වන විටත් වේලාවක් ඉල්ලා ඇති අතර, මෙම සතිය තුළ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවත් පැවසීය.
අවශ්‍ය වුවහොත් මෙරට විශේෂ නියෝජිතයෙකු හෝ සෞදි අරාබිය වෙත යවා අනෝජන්ගේ නිදහස වෙනුවෙන් කතාබහ කිරීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් මහතා,
"දෙමළ හා මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර අනෝජ්ව නිදහස් කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ සියලුම දෙනා මේ සිදුවීම ගැන කම්පාවට පත්වෙලා ඉන්නේ.
සෞදි රටේ නීතිය අනුව තමයි මේ ප්‍රශ්නය ලොකුවට ගිහින් තියෙන්නේ. මුස්ලිම් සමාජය 100%ක්ම ඔයාලට සහාය දෙනවා. අපේ රටේ නියෝජිතයෙක් හරි සෞදියට යවලා මේ ගැන අපි කතාකරන්න උත්සාහ කරනවා.
මෙරට සිටින සෞදි නියෝජ්‍ය තානාපතිවරයාව හමුවෙලා මේ සතිය තුළ මේ ගැන කතාකරනවා. අපි පණිවුඩයක් යවලා තියෙන්නෙ දැනටම. අපි මුස්ලිම් හා දෙමල මන්ත්‍රීවරු එකතුවෙලා ඔහුව හමුවී කතාකරන්න වෙලාවක් ඉල්ලලා තියෙනවා" යැයි පැවසීය.
මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ අනෝජන් සිවරාජා පිළිබඳ තත්ත්වය තමන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය හා එක්ව ඉදිරි නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික පියවර ගන්නා බවත්, අනෝජන්ට අවශ්‍ය සියලුම සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අනෝජන් නිදහස් කරගැනීමට දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරු එක්වෙයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
📸
විශේෂ ඡායාරූප එකතුව (Photo Gallery)
ඡායාරූප 1ක්
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.