Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බංග්ලාදේශ සංචාරයෙන් පසු ක්‍රිකට් පුහුණුකරුවන් සියල්ලන්ම ඉවතට

|Thu,18 July 2019|Special| Page Views : 355

අලුත් පුවත්
පාස්කු කාරක සභාව 24 දා මාධ්‍යයට විවෘත නෑ
ජනපති කොමිසමේ නිලධාරීන් අද මාතලේ නිරීක්ෂණයක
"El Chapo" හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
අනුරාධපුරයේ වට්ටක්කා වගාවට හානි
අද සහ හෙට ගුරුවරු ලෙඩ වෙයි
දළදා තේවාවේ කටයුතු මල්වතු පාර්ශවයෙන් අස්ගිරි පාර්ශවයට පැවරෙයි
 
බංග්ලාදේශය සමගින් පැවැත්වෙන එලඹෙන එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සියලුදෙනාම ඉවත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (17දා) සවස පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී හෙතෙම මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"අපි තීරණයක් ගත්තා බංග්ලාදේශ සංචාරයෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන් ඉවත් කරලා, එම පුරප්පාඩු පිරවීම ගැන සලකා බලන්න. ඒක වෙනස් විය යුතුයි.

ඕක ඉස්සෙල්ලා වෙනස් කරන්න කියලා ජනතාව කිව්වට, ලෝක කුසලානයක් අත ළඟ තියාගෙන වෙනස්කම් කරන්න බැහැ. මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාටත් දුරකථනයෙන් අමතලා ඒ පිළිබඳ ලිපියකුත් ඔහුට යැව්වා. ඕනම පුහුණුකරුවෙකුට ඉලක්කයක් තිබිය යුතුයි. එම ඉලක්කයේ රැඳිය යුතුයි. එහි සියයට ගණනකින් රැඳිය යුතුයි. එහෙම නැත්නම් ඒ අය අයින් විය යුතුයි"යැයි පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න