කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් දැලේ
2026 June 23- Page Views : 4
කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකු බව සඳහන්.
කළුතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් වාහනයක් සම්බන්ධයෙන් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් සිදුකරමින් සිට ඇති අතර එකී පරීක්ෂණයට අදාළව අධිකරණයෙහි අපරාධමය චෝදනා ගොනුනොකර සිටීම සදහා ඔහු විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් පසුගිය දිනක ලබගෙන ඇති අතර, ඉතිරි ලක්ෂ 9ක මුදල ලබාගැනීමට කළුතර හෝටලයකට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.