Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

|Fri,16 August 2019|Miscellaneous| Page Views : 77

අලුත් පුවත්
ඕස්ට්‍රේලියාවේ නික්ට අනපේක්ෂිත පරාජයක්
කොරියාව සමඟ සාම සාකච්ඡා පැවැත්වීම කිම් ජොං අන් ප්‍රතික්ෂේප කරයි
ඉන්දීය ශිල්පින් ඇතුලත් නිර්මාණ විකාශනය පකිස්ථානයෙන් අත්හිටුවයි
ආයුර්වේද රෝහලේ වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට
හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් විරෝධතාවයක
දළදා පෙරහැර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි.
පළාත්සභා ගැන මත විමසුම විභාගයට විනිසුරු පස් කමිටුවක්
හබරණ මාරක රිය අනතුරකින් 3ක් මරුට
 
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස් කර ගත්තේය.

ඊයේ(14) දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 203ක් රැස් කර ගෙන සිටි නවසීලන්ත කණ්ඩායම‍ සිය පළමු ඉනිමට තවත් රැස් කළේ ලකුණු 46ක් පමණයි.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249ක්.

ලසිත් ඇඹුල්දෙණිය යැවූ තරගයේ 82 වන පන්දුවාරයේ පළමු පන්දුව ට්‍රෙන්ට් බෝල්ට් ගේ හිස් ආවරණයේ සිරවීම කාගේත් අවධානය දිනා ගත්තේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වු අකිල ධනංජය ලකුණු 80කට කඩුලු 5යි.

සිය පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 66ක් තුළදී බිඳ වැටුණි.

තරගයේ එක් අවස්ථාවක ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 143ක් ලෙස සටහන්ව තිබුණත් ඉන්පසු ලකුණු 18ක් තුළදී ශ්‍රී ලංකා ඉනිමේ තවත් කඩුලු 4ක් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණි.

කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50ක් රැස් කළේය.

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් අටවන කඩුල්ල සඳහා ලකුණු 66ක් සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණි.

පන්දු යැවීමේදී අජාස් පටෙල් ලකුණු 76කට කඩුලු 5ක් දවා ගත්තේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න