WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මගී අවශ්‍යතාවය මත අදත් බස් ධාවනයේ යෙදවීමට පියවර

2026 April 14- Page Views : 8

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත අද (14) දිනයේ ද සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.  එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්යය නිලාන් මිරැන්ඩා මහතා සදහන් කළේ මගීන්ගේ අඩුවක් පැවතිය ද ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට කටයුතු කරන බවය.  "ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ආරම්භ කළ විශේෂ අවුරුදු සේවාව අපි අටවෙනිදා සිට ක්‍රියාත්මක කළා. මගීන්ගේ අවශ්‍යතාව අනුව අද (14) දිනයෙත් මේ සේවාව ක්‍රියාත්මකයි. මගීන්ගේ අඩුවක් අද දිනයේදී අපි නිරීක්ෂණය කරනවා.  නමුත් සෑම ප්‍රදේශයකටම අවශ්‍ය බස් රථ  තියෙනවා. මගීන්ගේ අවශ්‍යතාව පරිදි හැම ප්‍රදේශයකටම බස් රථ යොදවනවා. විශේෂයෙන්ම බැස්ටියන් මාවත බස් අංගනය, මාකුඹුර, කඩවත සහ කඩුවෙල යන ප්‍රදේශවල සිට ප්‍රධාන නගරවල සිටත් මෙම සේවාවන් ක්‍රියාත්මකයි. මගීන්ගේ ඉල්ලුම පරිදි අවශ්‍ය සැපයමු ලබා දෙන්න කටයුතු කරනවා." මේ අතර අද දිනයේ දුම්රිය ධාවනය ද සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කොළඹ සිට පිට පළාත්වලට යාම සඳහා අඩු මගීන් සංඛ්‍යාවක් නිරීක්ෂණය වූ බැවින් මෙම පියවර ගත් බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා සඳහන් කළේය.   කෙසේවෙතත් කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියන්, තැපැල් දුම්රියන් සහ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා කීය.