Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සයවන මහලෙන් පැන්න තරුණිය මරුට

|Mon,19 August 2019|Special| Page Views :

බොරලැස්ගමුව පොලිස් වසමේ වේරහැර කොතලාවල රෝහලට ඇතුළත් කරන ලද වයස අවුරුදු 28ක් වන කාන්තාවක් එම රෝහලේ මානසික වෛද්‍ය ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී එම රෝහලේ සය වන මහලෙන් පහළට පැනීම හේතුවෙන් මියගොස් ඇත.

බොරලැස්ගමුව පොලිසිය පැවසුවේ, ඊයේ (18) සවස 6.45ට පමණ මේ සම්බන්ධව තමන් වෙත තොරතුරක් ලැබුණු බවයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ අංක 180/01, මාලපල්ල පන්නිපිටිය ලිපිනයේ පදිංචි ක්‍රිස්ටියන් ප්‍රනාන්ඩෝ නැමැති කාන්තාවක්.

මෘත ශරීරය එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න