ඉන්දීය-කොදෙව් පිල් අද පිටියට
|Mon,19 August 2019|Miscellaneous| Page Views :
69
|
|
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම අතර තෙදින තරගය මේ වන විට පැවැත්වෙයි.
කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 05කට ලකුණු 297ක් ලබා සිටියදී පන්දුවට පහරදිමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායමට ලබා දුන්නේය.
ඒ අනුව ඔවුන්ට පළමු සදහා සියලු ක්රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි.
මේ වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් බිඳ වැටී ලකුණු 84ක් ලබා සිටියි.
ඒ අනුව ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායමට වඩා ලකුණු 200ක් ඉදිරියෙන් පසුවෙයි.
|
|