2026 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.1ක්
2026 June 15- Page Views : 8
2026 වර්ෂයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, 2026 වසරේ පළමු කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කර තිබේ.
2025 වසරේ පළමු කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 3,476,664ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2026 වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 3,652,503ක් දක්වා ඉහළ ගොස් ඇත.
අදාළ කාලය තුළ ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන වන කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශ සියල්ලම ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබේ.
ඒ අනුව, කෘෂිකාර්මික ආර්ථික කටයුතු සියයට 1.1කින්, කර්මාන්ත අංශය සියයට 7.2කින් සහ සේවා අංශය සියයට 3.4කින් වර්ධනය වී ඇත.