Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අමෙරිකාවේ කොරෝනා මරණ 40000 ඉක්මවයි

|Mon, 20 April 2020|Security| Page Views :

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදුවු මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් තිබේ.

ගතවු පැය 24 තුළ මරණ 1537ක් සිදු වීමත් සමඟ එරට සමස්ථ මරණ සංඛ්‍යාව 40,548ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

එම මරණ සංඛ්‍යාවෙන් අඩක්ම නිව්යොර්ක් ප්‍රාන්තයෙන් වාර්තාවීම විශේෂත්වයකි.

අමෙරිකාවේ ගතවු පැය 24 තුළ නව ආසාදිතයින් 25,511 දෙනෙකු හදුනාගැනීම සමඟ එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව හත්ලක්ෂ 64,303ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයන් අතරින් සුවය ලබා ඇත්තේ පුද්ගලයින් 71,003 දෙනෙකු පමණක් වන අතර එරට සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට දහයටත් අඩු සංඛ්‍යාවක් වෙයි.

කොවිඩ්-19 පරික්ෂණ වැඩිම සංඛ්‍යාවක් සිදුකර ඇති රටවන අමෙරිකාවේ අද වන විට පරික්ෂණ තිස් අට ලක්ෂ හැට එක් දහස ඉක්ම වු සංඛ්‍යාවක් සිදුකර තිබේ.

‍මේ වන විට ලොව පුරා කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 24 ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 65, 004ක් ලෙසයි දැක්වෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න