Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ක්‍රීඩකයින් 06කට කොවිඩ්-19 ආසාදනය වෙයි

|Wed,20 May 2020|Miscellaneous| Page Views :

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ක්‍රීඩා සමාජ 3ක ක්‍රීඩකයින් 6 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

කොවිඩ් - 19 වෛරස හේතුවෙන් එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ 28 වන අදියර කල් දැමීමට තරගාවලි සංවිධායකින් තීරණය කළේය.

එම වෛරසය ව්‍යාප්තියත් සමඟින් ප්‍රේක්ෂකයින් නොමැතිව තරග පැවැත්වීමට පසුව තීරණය කිරීමත් සමඟ පාපන්දු ක්‍රීඩා සමාජ සිය පුහුණුවීම් ආරම්භ කළේය.

ඒ අනුව එම පුහුණුවීම් අතරතුරදී ක්‍රීඩකයන් 748 දෙනෙකු කොවිඩ් - 19 පරීක්ෂාවට ලක් කිරීමත් සමඟ ක්‍රීඩකයන් 6 දෙනෙකු කොවිඩ් - 19 ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ සංවිධාකයන් පවසන්නේ ඔවුන් පාපන්දු ක්‍රීඩා සමාජ 3ක ක්‍රීඩකයන් බවයි.

කෙසේ වෙතත් ඔවුන් කුමන ක්‍රීඩා සමාජ නියෝජන කරන ක්‍රීඩකයන්ද යන්න තවමත් ප්‍රකාශ කර නොමැති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න