Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහින්දව ශ්‍රීලනිපයෙන් නෙරපයි? ‌

|2016-02-16 02:50 PM|Special| Page Views :

පක්‍ෂය දෙකඩ කිරීම හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මගින් විනය ක්‍රියාමාර්ග ගැනීමේ තත්ත්වයක්‌ ඇති වී තිබෙන බව සමාජ සවිබලගැන්වීම් සහ සමාජ සුබසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

එසේ වුවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙරෙහි පවතින සැකය නිසා අද ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් බහුතරයක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එක්‌ව සිටින්නේ යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පල කළේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

පක්‍ෂය තුළ සිටිමින් ශ්‍රීලනිපය දෙකඩ කර වෙනම පක්‍ෂ සෑදීමට වෙර දරන සියලුම සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම අවධාරණය කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (14) මීගමුවේ පැවති රැස්‌වීමට සහභාගි වූ ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇතත් ඒ සඳහා පක්‍ෂයට හදිසියක්‌ නැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. Rate this item

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න