Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට ජනතාවගෙන් දැඩි විරෝධයක්

|Sun , 04 July 2021|Miscellaneous| Page Views :

සෞඛ්‍ය වෘත්තිය සමිති 13ක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේ ක්‍රියාත්මක අතර ඉන් රෝහල් කටයුතුවලට සැලකිය යුතු බලපෑමක් එල්ල වී තිබේ. කොළඹ සහ මහනුවර ජාතික රෝහල්වල කටයුතුවලට මෙම වර්ජනය හේතුවෙන් අද දිනයේදී බාධා එල්ල වුණාය. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනිම සඳහා රෝහල්වෙත පැමිණි රෝගීන් පීඩාවට පත්ව සිටින ආකාරයක් දක්නට ලැබුණු බව වාර්තාකරු සඳහන් කළේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුවද ඇතැම් රෝහල්වලට ඉන් සුලු බලපෑමක් එල්ල වුණාය. රෝහල්වෙත පැමිණි රෝගීන් සඳහන් කළේ සෞඛ්‍ය වෘත්තීය සමිති මේ මොහොතේ සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග අසාධාරණ බවයි. මේ කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ එම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අසරණ වූ රෝගීන් කිහිප දෙනෙකි. අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ සිය ඉල්ලීම්වලට විසදුම් ලබා නොදුනහොත් හෙට දිනයේ සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න