Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තලේබාන්වරුන්ට එරෙහි අමෙරිකානු ගුවන් ප්‍රහාර අඛණ්ඩව

|Mon, 26 July 2021|Miscellaneous| Page Views :

ගම් දනව් නගර අත්පත් කරගනිමින් ඉදිරියට ඇදෙන තලේබාන් සන්නද්ධ කණ්ඩායම් වැළැක්වීම සඳහා සටන් වැද සිටින ඇෆ්ගන් හමුදාවලට සහය වෙමින් සිය ගුවන් ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක කරන බව අමෙරිකාව පවසනු ඇත.

ගැටුම් උත්සන්නවද්දී ඇෆ්ගන් රජය මාසයකට බල පවත්වන පරිදි රට පුරා ඇඳිරි නීතිය පැනවූ අතර, දකුණු දිග කන්දහාරයේ දරුණු ගැටුම් පවතින බවයි වාර්තා වේ.

තලේබාන් සන්නද්ධ කණ්ඩායම් සහ ඇෆ්ගන් රජයේ හමුදා අතර ගැටුම් වර්ධනය වූයේ අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමත් සමඟයි.

අගෝස්තු 31 වැනිදා වනවිට සියලුම අමෙරිකානු හමුදා එරටින් නික්මීමට නියමිත අතර, ඉන් පසු ගුවන් ප්‍රහාර පිළිබඳවද පවතින්නේ අවිනිශ්චිත බවක්.ඉස්ලාමීය මූලධර්මවාදී තලේබාන්වරුන් මීට විසි වසරකට පෙර ක්‍රියාත්මක වූ අමෙරිකානු ආක්‍රමණය මගින් බලයෙන් පහ කෙරුණි.

කෙසේ නමුත්, ඔවුන් දැන් නැවතත් ප්‍රධාන සැපයුම් මාර්ග සහ දේශසීමා මුරපොල අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණෙමින් සිටි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න