Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඔලිම්පික් මැද ටෝකියෝ නුවර රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරි යයි

|Thu, 29 July 2021|Miscellaneous| Page Views :

2020 ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර පිහිටි රෝහල් ආසාදිතයින්ගෙන් පිරීයමින් ඇතැයි විදෙස් වාර්තා පවසනු ඇත. එම වාර්තාවල දැක්වෙන්නේ ටෝකියෝ නුවරින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බවයි.

එලෙස දෛනික ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් ටෝකියෝ නුවර රෝහල්වල කටයුතු සඳහා දැඩි පීඩනයක් එල්ල වී ඇති බව ද වාර්තා වේ.

ඊයේ දිනයේදී පමණක් ටෝකියෝ නුවරින් කොරෝනා ආසාදිතයින් 3,177 දෙනෙකු හඳුනාගෙන තිබුණාය. පවතින තත්ත්වය හමුවේ ටෝකියේ නුවර ආසන්න ප්‍රදේශ 03 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නැයි එම ප්‍රදේශවල ආණ්ඩුකාරවරුන් රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ජපානය තුළ මෙලෙස කොරෝනා වෛරසයේ පැතිරීම වේගවත් වී තිබෙන්නේ 2020 ඔලිම්පික් උළෙල ටෝකියේ නුවර පැවැත්වෙමින් ඇති පසුබිමක් තුළයි. කොරෝනා පැතිරීම හේතුවෙන් ටෝකියෝවට මේවනවිටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයින් 169 දෙනෙකුට ද මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වේ. ඒ අතරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද අයත්ය.

පවතින තත්ත්වය හමුවේ හැකිතාක් නිවෙස් තුළ රැඳී සිටින ලෙයසි ජපන් බලධාරීන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටි. ඔලිම්පික් තරග නැරඹීමට අවශ්‍ය නම් රූපවාහිනිය ඔස්සේ තරග නරඹන ලෙස ද බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.

මේ අතර ඔලිම්පික් උළෙලේ ඊයේ දිනය නිමාවන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත් වූ තිබේ. ඒ රන් පදක්කම් 13 සමගයි. චීනය දෙවන ස්ථානයෙත්, අමෙරිකාව 03 වන ස්ථානයෙත් පසුවේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න