WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරානයේ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල නොකරන ලෙස ට්‍රම්ප් ඊශ්‍රාලයෙන් ඉල්ලයි

2026 June 08- Page Views : 8

ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවෙන් පසු ඊශ්‍රායලයද ඉරානයේ ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහි ප්‍රහාර දියත් කිරීම නවත්වන ලෙස ඊශ්‍රායලයට දන්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරානයට සහ ඊශ්‍රායලයට ඔවුන්ගේම ප්‍රහාර තිබුණු නමුත් තවත් ප්‍රහාරයක් දැකීමට තමන්ට අවශ්‍ය නොවන බවය.

ඒ අනුව තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට කතා කර පළි ගැනීමේ ප්‍රහාර දියත් නොකරන ලෙස දන්වන බවද ඔහු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

සටන් විරාම මැද ඊශ්‍රායලය විසින් ඉරානයට පළමුවරට මිසයිල ප්‍රහාරය මාලාවක් එල්ල කර ඇති අතර ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටද ඊශ්‍රායලය පියවර ගනු ලැබීය.

ඉරාන ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලය ගාසා තීරයේ හරස් මාර්ග වසා දැමීමට කටයුතු කර ඇති අතර ආරක්ෂක පියවරක් ලෙස මෙය සිදුකළ බවද ඔවුන් සඳහන් කර තිබුණි.

එමෙන්ම වත්මන් ආරක්ෂක තත්ත්වය සලකා ජෙරුසලමේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයද වසා දැමීමටත් එහි සේවකයින්ට ආරක්ෂති ස්ථානයකට යාමට සූදානම් වන ලෙසත් දන්වා තිබේ.

මේ අතර ට්‍රම්ප් මින් පෙර සඳහන් කර තිබුණේ ඉරානය සමග අමෙරිකාව සිදුකරන ඕනෑම ගනුදෙනුවකට එකඟ වීම හැර වෙනත් විකල්පයක් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට නොමැති බවය.

කෙසේ නමුත් ඉරාන ප්‍රහාරවලින් පසුව පළි ගැනීමේ ප්‍රහාර එල්ල නොකරන ලෙස තමන් ඊශ්‍රායල අගමැතිවරයාට පවසන බවත් තමන්ට ඉරානය සමග අවසන් ගිවිසුමක් පවතින බවත් එම ගිවිසුමට යාමට ඉතාමත් ආසන්න බවත් ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම එය ඉතා හොඳ ගනුදෙනුවක් බව සඳහන් කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා දැන් සිදුවන සිදුවීම් අනුව එය පුපුරා යාමට තමන් අකමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යක් වෙත පවසා ඇතැයිද වාර්තා වේ.