WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට දැවැන්ත ජයක්

Sat, 11 December 2021- Page Views : 0 results

තිසර පෙරේරාගේ වේගවත් පිතිහරඹය, මහීෂ් තීක්ෂණගේ සහ වහබ් රියාස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රී පැවති තරගයෙන් ලකුණු 93ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණාය. ඒ, කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

වර්ෂාව හේතුවෙන් සිදුවූ ප්‍රමාදය නිසා මෙම තරගය එක් පිළකට පන්දුවාර 18කට සීමා කෙරුණි. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 18 තුළ කඩුලු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 207කි.

තිසර පෙරේරා පන්දු 23කදී නොදැවී ලකුණු 57යි. ඔහුගේ ඉනිමට දැවැන්ත 06 පහර 05ක් සහ හතරේ පහර 03ක් ඇතුළත් වුණාය. ෂොයිබ් මලික් ලකුණු 44යි. අශේණ් බණ්ඩාර ලකුණු 42ක් රැස් කළාය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 05කදී සියලු දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 114ක් පමණයි. අශාන් ප්‍රියංජන් ලකුණු 35ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 28ක් රැස් කළා. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 04ක් බිඳහෙලු අතර වහබ් රියාස් ලකුණු 26කට කඩුලු 04ක් දවා ගත්තාය.