නයිජර්හි විශාලතම ගුවන්තොටේ වෙඩි හුවමාරුවක්
2026 June 19- Page Views : 6
අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි පිහිටි ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඊයේ (18) සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට විශාලතම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන මෙම ස්ථානයට සන්නද්ධ කැරලිකරුවන් පිරිසක් කඩාවැදී ඇති අතර, ඉන් අනතුරුව ඔවුන් සහ ආරක්ෂක අංශ අතර මෙම වෙඩි හුවමාරුව හටගෙන තිබේ.
නයිජර් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි, මියගිය පිරිස අතර කැරලිකරුවන් 22ක් සිටී.
කෙසේ නමුත් හමුදා සෙබළුන් 11ක් මෙන්ම සිවිල් වැසියන් දෙදෙනෙකුද ඒ අතර සිටින බව සඳහන්.
මෙම ප්‍රහාරයේ වගකීම අල්-කයිඩා සංවිධානයට අනුබද්ධිත 'ජමාත් නුස්රත් අල්-ඉස්ලාම් වල්-මුස්ලිමින්' (JNIM) නමැති සන්නද්ධ කණ්ඩායම විසින් භාරගෙන තිබේ.
මුස්ලිම් බහුතරයක් වෙසෙන නයිජර් රාජ්‍යයෙන් ගතවූ මාස පහකටත් අඩු කාලය තුළ මෙවැනි ප්‍රහාරයක් වාර්තා වූ දෙවන අවස්ථාව මෙයයි.