WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නුවර ට කඩුලු 06ක ජයක්...

Fri, 17 December 2021- Page Views : 0 results

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 06ක ජයක් හිමිකර ගැනීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමත් වුණි. කාසියේ වාසිය දිනා ගෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය.

එහිදී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 41ක් රැස්කළ අතර සචිත ජයතිලක ලකුණු 34 ලබා ගත්තේය. පන්දු යැවීමේදී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු සහ අල්-අමින් හුසේන් කඩුලු 3 බැගින් දවාගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 02ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. එහිදී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් රවී බෝපාරා නොදැවී ලකුණු 59ක් ලබා ගත් අතර නායක ඇන්ජලෝ පෙරේරා නොදැවී ලකුණු 29ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ඉම්රාන් තාහීර් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවාගත්හ.