2022 අලුත් අවුරුද්ද වෙනකොට බැසිල් ඇමතිතුමා බඩු අඩු කරලා පෙන්වනවා
Sun, 19 December 2021- Page Views : 0 results
අප්‍රේල් අලුත් අවුරුද්ද වන විට ජනතාවට විශාල වශයෙන් සහන ලබා දිය හැකි බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. එම කාලය වන විට එළවළු ඇතුළු ආහාර මිල විශාල වශයෙන් පහළ යනු ඇති බව ද ඔහු පැවසීය.
ඒ සඳහා දැනටමත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විශාල වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එහි ප්‍රතිඵල ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එනිසා ආර්ථික විද්‍යාඥයන් කුමක් කීව ද ඉදිරි කාලයේ දී ජනතාවට විශාල වශයෙන් සහන ලැබෙන බවද ඒ මහතා පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.