WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ට කොවිඩ්

Tue, 21 December 2021- Page Views : 0 results

ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

රෆායල් නඩාල් අබුඩාබි විවෘත ටෙනිස් තරගාවලිය සඳහා සහභාගී වී සිය රට වෙත පසුගිය දා පැමිණියේ ය.එරටදී ඔහු PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු කොවිඩ් - 19 ආසාදිතයෙකු බවය.

ඒ අනුව ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමන් කොවිඩ් ආසාදිතයෙකු බවත් ඔහුගේ සමීපතමයන් මේ පණිවුඩය හරහා දැනුවත් කර සිටින බවත් සඳහන් කර තිබුණි.රෆායල් නඩාල් අබුඩාබි විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයේදී බ්‍රිතානයේ ඇන්ඩි මරේ හමුවේ පරාජයට පත් විය.ඒත් සමඟම රෆායල් නඩාල්ට සිදු වුණේ එම තරගාවලියෙන් ඉවත්වීමටය.