LPL තරඟාවලියේදී තරඟ තහනමට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්ට හොද තැනක්
Tue, 21 December 2021- Page Views : 0 results
මෙවර LPL ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින්ගේ දක්ෂතා කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණ තිබේ.
තරඟාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ තරඟ තහනමට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්ය. ඔහු තරඟ 09 කදී ලකුණු 288 ක් රැස්කරගෙන සිටි. වැඩිම ලකුණු ලාභීන් අතර තුන්වන ස්ථානය දිනේෂ් චන්දිමාල්ටත්, පස්වන ස්ථානය ඇන්ජලෝ මැතිව්ස්ටත්, හයවන ස්ථානය ධනුෂ්ක ගුණතිලකටත් හිමිව තිබේ.
වැඩිම කඬුලුලාභීන් අතර තුන්වන ස්ථානයේ සමතැන් ගෙන ක්‍රීඩකයින් තිදෙනෙකු සිටින්නේ කඩුලු 13 බැඟින් බිදහෙළමින්. සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර හා මහීෂ් තීක්ෂණ එම ක්‍රීඩකයින් තිදෙනායි.
නවක ක්‍රීඩකයින් ලෙස මෙවර තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූයේ පන්දු යවන්නන් වන නුවන් තුෂාර, නිමේෂ් විමුක්ති සහ සචිදු කොළඹගේ මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ජනිත් ලියනගේයි.