අළු බඳුන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එෛතිහාසික පරාජයක්..
Tue, 28 December 2021- Page Views : 0 results
අළු බඳුන ක්‍රිකට් තරගාවලියේදී තුන්වන ටෙස්ට් තරගයේ එංගලන්ත දෙවැනි ඉනිම අද අළුයම ලකුණු 68කට සීමා වුණා. ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම හමුවෙයි. එහිදී ඕස්ට්‍රේලියාවේ ස්කොට් බොලන් පන්දුවාර 04ක් තුළ ලකුණු 07කට කඩුලු 06ක් බිඳ හෙලුවා.
ඒ අනුව මෙම තරගයෙන් ඕස්ට්‍රේලියාවට ඉනිමට සහ ලකුණු 14ක ජයක් හිමිවුණා. සම්පූර්ණ තරගයම පන්දු 1,084කින් නිම වී ඇති අතර වසර 70කට පසු ඕස්ට්‍රේලියාවේ පැවති ටෙස්ට් තරගයක් නිමාවු අඩුම පන්දු සංඛ්‍යාව මෙයයි.