WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන පළමු අභියෝගය.

Tue, 28 December 2021- Page Views : 0 results

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කළේ ලබන වසරේ ජනවාරි මසදී එම තරගාවලිය පැවැත්වීමට නියමිත බවයි.

එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව කණ්ඩායම් දෙක අතර පළමු එක්දින තරගය ජනවාරි මස 16 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනු ඇත.

දෙවන තරගය ජනවාරි 18 වනදා සහ ජනවාරි 21 වැනිදා තෙවන තරගය පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියට සහභාගි වන සිම්බාබ්බේ කණ්ඩායමේ ක්‍රීඩකයින් ජනවාරි මස 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කරයි.