දකුණු අප්‍රිකාව ලකුණු 211ක් පිටුපසින්
Thu, 30 December 2021- Page Views : 0 results
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. ඊයේ (29) දිනයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 94ක් ලබා ඇත.
ඉන්දීය කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 327ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමට ප්‍රථම ඉනිම සඳහා ලබාගත හැකි වුයේ ලකුණු 197ක් පමණි.
ලකුණු 130ක වාසියක් ද සමගින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දිය කණ්ඩායම දෙවන ඉනිම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 174ක් ලබාගත්තේය.
ඒ අනුව, ලකුණු 304ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරගය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 211ක් ලබාගත යුතු අතර ඒ සඳහා ඔවුන්ට කඩුලු 6ක් ඉතිරිව ඇත.