ක්වින්ටන් ඩි කොක් ටෙස්ට් පිටියට සමුදෙයි
Fri, 31 December 2021- Page Views : 0 results
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් හදිසියේම ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් පැවසුවේ තම පවුලේ සුබ සිද්ධිය වෙනුවෙන් තමා එම තීරණය ගන්නා බවය.
29 හැවිරිදි ඩි කොක් තම තීරණය දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇත්තේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලැබූ ටෙස්ට් පරාජයෙන් සුළු මොහොතකට පසුවීම විශේෂත්වයකි. ඔහුගේ බිරිඳ, ශාෂා තම පළමු දරුවා අපේක්ෂාවෙන් පසුවෙන්නීය.
මගේ පවුල තමයි හැමදේම මට. ඔවුන් සමග වැඩිකාලයක් ගත කිරීමට මට අවස්ථාව ඕනේ.අපේ ජීවිතයේ අලුත් සහ සුවිශේෂී පරිච්ඡේදයක් අභියසයි අපි ඉන්නේ.
2014 වසරේදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔහු මෙතෙක් ටෙස්ට් තරග 54කදී ලකුණු 3,300ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 38.82කි. ඊට ශතක 6ක් සහ අර්ධ ශතක 22ක් ඇතුළත් වෙයි.