ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වය යලි වෙනස් වෙයි.
Sun, 02 January 2022- Page Views : 0 results
ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ලෝකේශ් රාහුල් පත් කර තිබෙනවා. ඒ, සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 03 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහායි.
නිත්‍ය නායක රෝහිත් ශර්මා තවදුරටත් ආබාධ තත්ත්වයකින් පෙළීම හේතුවෙන් ලෝකේෂ් රාහුල් වෙත එම වගකීම පැවරීමටයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.
එම තරගාවලියට එක්වන ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස ජස්ප්‍රිට් බුම්රා පත් කර තිබෙ. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 03 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජනවාරි 19 වනදා පැවැත්වීමට නියමිතයි.