දකුණු අප්‍රිකාව ඉදිරියෙන්
Tue, 04 January 2022|- Page Views : 0 results
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (04) ය.ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටියේය.
තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 202ක් ලබා ගත්තේය.ඉන්දීය ඉනිම වෙනුවෙන් කේ. එල්. රාහුල් ලකුණු 50ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 46 ක් ලබා ගැනීමට සමත් වුණි.
පන්දු යැවීමේදී මාර්කෝ ජැන්සන් කඩුලු 04ක් දවාගත් අතර කගීසො රබාඩා සහ ඩුවාන් ඔලිවර් කඩුලු 03 බැගින් ලබාගත්තාය.ආබාධයකට ලක්වූ විරාත් කෝලි මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස රාහුල් කටයුතු කරයි.