WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය අනිද්දා

Wed, 05 January 2022|- Page Views : 0 results

සිම්බාබ්වේ තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතයේ අවසන් ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය අනිද්දා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබේ. මීට පෙර ක්‍රීඩකයින් සදහා කිලෝමීටර් 2ක දුරක් දිවීමට විනාඩි 8 යි තත්පර 35 ක කාලයක් ලබා දී තිබුණි. එය තත්පර 25කින් අඩු කර ඇති අතර ඒ අනුව සියලු ක්‍රීඩකයින් විනාඩි 8 යි තත්පර 10කින් මෙවර එම අභියෝගය ජය ගත යුතුයි.

සිම්බාබ්වේ තරගාවලිය සදහා ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම්කර ඇතැයි වාර්තා වේ. එම සංචිතයට ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කර නොමැති බවයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර පළමු එක්දින තරගය ජනවාරි 16 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.