19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකාට...
Sat, 15 January 2022- Page Views : 0 results
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ලකුණු 40කින් ජය ගැනීමට සමත් වුණා. ඒ, ස්කොට්ලන්ත කණ්ඩායම පරාජය කරමින් බවට සදහන් කර ඇත.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 2කදී සියලු දෙනා දැවී ලකුණු 218ක් රැස් කළා. සකුණ ලියනගේ පන්දු 85කදී ලකුණු 85ක් රැස් කළේ හතරේ පහර 03ක් සහ හයේ පහර 04ක් සමගයි. රවීන් ද සිල්වා ලකුණු 30ක් රැස් කර ඇත.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 04කදී සියලු දෙනා දැැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 178ක් පමණයි. ජැක් ජාවිස් ලකුණු 55ක් රැස් කළා. පන්දුවෙන් දස්කම් දැක්වූ නායක දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 09කදී ලකුණු 27කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් ව ඇත.
මෙම තරගාවලියේ ඊයේ පැවති අනෙක් තරගයෙන් ජය ගත්තේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමයි. ඒ, සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 06කින් පරාජය කරමින් බවට සදහන් කර ඇත.