WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින ගැටුම අද පල්ලේකැළේදි

Sun, 16 January 2022- Page Views : 0 results

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා. පළමු තරඟය අද පැවැත්වෙන්නේ පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි තිබේ.

දෙරට අතර මේ දක්වා එක්දින තරඟ 57 ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 44 ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. සිම්බාබ්වේ කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරඟ 11 ක් පමණ සඳහන් කර ඇත.

අද පැවැත්වෙන තරඟයේදී කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදාගැනීමට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කර ඇත.

සිම්බාබ්වේ කණ්ඩායම කිසි ලෙසකින් හෝ අවතක්සේරු නොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු එක්දින ක්‍රිකට් තරඟය අද පස්වරු 02 යි 30 ට පල්ලේකැළේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.