ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පිල විශිෂ්ඨ ජයක් ලබයි
Tue, 18 January 2022- Page Views : 0 results
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවන තරගයෙන් ඊයේ විශිෂ්ඨ ජයක් වාර්තා කළාය. ඒ, ඔස්ටේ්‍රලියා කණ්ඩායමට එරෙහිවයි.
තරඟයේ කාසියේ වාසිය දිනූ වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළාය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ්‍රලියා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 175 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණාය. යළිත් දක්ෂ පන්දු යැවීමක නිරතවූ නායක දුනිත් වෙල්ලාලගේ නියමිත පන්දුවාර 10 යේදී ලකුණු 28 කට කඬුලු 05 ක් බිඳ හෙලුවාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළ පන්දුවාර 37 කදී කඬුලු 06 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියාය. එහිදීද දක්ෂ පිතිහරඹයක නිරතවූ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 52 ක් රැස් කළාය.
මේ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වේ. දිවා රාත්‍රී තරඟයක් වන එය පැවැත්වෙන්නේ පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේයි.