සනත්, කලු, වාස් සහ මුරලි අද සිට එකම තරග බිමක
Thu, 20 January 2022- Page Views : 0 results
විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය ඕමානයේ දී අද ආරම්භ වේ. තරගාවලිය පැවැත්වෙන්නේ කණ්ඩායම් 3ක සහභාගිත්වයෙනි. ඉන්දියා මහරාජාස්, ඒසියා ලයන්ස් සහ වර්ල්ඩ් ජයන්ට්ස් යන කණ්ඩායම් 3 අතරයි මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ.
ආසියානු කණ්ඩායම සදහා ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් 9 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ 1996 ලෝක ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගයි.
ආසියානු කණ්ඩායම සදහා සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරන, තිලකරත්න ඩිල්ෂාන්, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, උපුල් තරංග, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස් හා දිල්හාර ප්‍රනාන්දු යන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් ද ඇතුළත්ව සිටි. පළමු තරගය ඉන්දියා මහාරාජාස් කණ්ඩායම සහ ඒසියා ලයන්ස් කණ්ඩායම් අතර අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය මහාරාජාස් කණ්ඩායම සදහා විරේන්ද්‍ර ෂෙවාග්, යුවරාජ් සිං, හර්බජාන් සිං, ඉර්ෆාන් පතන්, යූසුප් පතාන්, නයන් මොංගියා සහ ආර් පී සිං තරග කිරීමට නියමිතව තිබේ. වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට ඩැරන් සැමී, ඩැනියෙල් විටෝරි, කෙවින් පීටර්සන්, හර්ෂල් ගිබ්ස්, බ්‍රෙට් ලී ඇතුළු සුපිරි ක්‍රීඩකයින් රැසක් ඇතුළත්ව සිටි.