විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශූරතාවලියේ කාලසටහන එළිදැක්වෙයි
Fri, 21 January 2022- Page Views : 0 results
2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශූරතාවලිය ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වෙයි.එම තරගාවලියේ මූලික වටය ඔක්තෝබර් 16 වනදා ඇරඹෙන අතර පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර ගීලොන්ග් හිදී පැවැත්වෙයි.
මූලික වටයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම් 4ක් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර 12 දෙනාගේ වටය ඔක්තෝබර් 22 වනදා සිඩ්නි ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.
එහිදී තරගවදින්නේ ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමයි.කවුරුත් වැඩි උනන්දුවක් දක්වන ඉන්දීය - පාකිස්තාන තරගය ඔක්තෝබර් 23 වනදා මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.