WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා පොඩ්ඩන්ගෙන් පෙරළියක් - පිට පිට තෙවැනි ජයත් ලබයි

Sat, 22 January 2022- Page Views : 0 results

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සිය තෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ඒ බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම කඩුලු 3කින් පරාජය කරමිනි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 250ක් රැස් කළේය.නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 39කට කඩුලු 3යි.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දු ඕවර 48.2කදී කඩුලු 7ක් දැවී ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු 251 රැස් කළේය.සධීශ රාජපක්ෂ ලකුණු 76ක් රැස් කළ අතර අන්ජල බණ්ඩාර ලකුණු 40යි.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙතෙක් ඔවුන් සහභාගී වූ තරග 3ම ජයගෙන තිබේ.