ඉන්දියාවට දරුණු පරාජයක්...
Mon, 24 January 2022- Page Views : 0 results
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.
දෙරට අතර ඊයේ (23) පැවති තුන්වැනි සහ අවසාන එක්දින තරගය ලකුණු 4කින් ජයගැනීමට ඔවුන් සමත් වූයේය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු සමාගම ඕවර 49.5කදී සියලුදෙනා දැවී ලකුණු 287ක් රැස්කළේය.
එහිදී ක්වින්ටන් ඩි කොක් ලකුණු 124ක් රැස්කළේය. පන්දු 130කදී ලබාගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 12ක් සහ 6 පහර දෙකක් ඇතුළත් විය. ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම රැස්කළේ ලකුණු 283කි.
දීපාක් චහාර් සිය දෙවැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය ලබාගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම ගෙන යෑමට සමත් විය. පන්දු 34කදී ඔහු ලකුණු 54ක් ලබාගත් අතර ඊට 4 පහර 5ක් සහ 6 පහර 2ක් අන්තර්ගත විය. හිටපු නායක විරාත් කෝලි ලකුණු 65යි.