ඇෆ්ගනිස්ථාන සමඟ ගැටෙන සිංහ පුතුන්
Thu, 27 January 2022- Page Views : 0 results
වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අර්ධ අවසන් පූර්ව තරඟය අද පැවැත්වෙනවා. ඒ, ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම සමඟයි. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් තරග තුනම ඔවුන් ජයග්‍රහණය කර ඇත.
ඒ, ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජයට පත්කරමින්. මේ අතර, යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් එකමුතුව ක්‍රීඩා කිරීම පිළිබඳ සතුටු වන බව කණ්ඩායම් පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව සදහන් කළේ, අද ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සදහා සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.