WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අර්ධ අවසන් පූර්ව ගැටුමෙන් ඇෆ්ගනිස්ථානය පෙරට...

Fri, 28 January 2022- Page Views : 0 results

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායමට තිබු අවස්ථාව අහිමි වුනි. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ ඊයේ පැවැති තරඟයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 4කින් පරාජයට පත්වීම හේතුවෙනි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 134ක් පමණයි. විනුජ රන්පුල් ලකුණු 10කට කඩුළු 05ක් දවා ගත්තේය. පිළිතුරු වශයෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 130කට දැවී ගියේය.

නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 34ක් ලබාගැනීමට සමත් වුණි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එම සුවිශේෂී තරගයේ අවසන් මිනිත්තු කිහිපය මෙලෙස රූපරාමු පෙළගස්වා තිබුණි.