ජේසන් හෝල්ඩර්ගේ නව වාර්තාව
Tue, 01 February 2022- Page Views : 0 results
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් බිද හෙලමින් එම දස්කම දැක්වූ ලොව 4 වන ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වුණාය.
එංගලන්තය සමග බි්‍රජ්ටවුන් හි පැවති තීරණාත්මක 5 වන එක්දින තරඟයේදී ඔහු මෙම දස්කම දැක්වූ අතර, ලකුණු 180ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිළ ලකුණු 162කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණාය.
ජේසන් හෝල්ඩර් එහිදී ලකුණු 27කට කඩුලු 5ක් බිද හෙලුවාය. පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාලූ පළමු ක්‍රීඩකයා මෙන්ම එය දෙවතාවක් සිදුකළ එකම ක්‍රීඩකයා ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංගයි.
ඊට අමතරව ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂිඩ් ඛාන් සහ අයර්ලන්ත ක්‍රීඩක කර්ටිස් කැම්ෆර් පිට පිට කඩුලු 4ක් දවාලීමට සමත් වී තිබේ.