ලොවෙන් ද හුදෙකලා වී සිටි රාජ්‍යයක් පළමු වරට ‘ලොක්ඩවුන්’ කරයි
Thu, 03 February 2022- Page Views : 0 results
ගිනි කඳු පිපිරීමෙන් හානියට පත්වී, සුනාමියකින් ද බැට කෑ දකුණු පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපත් රාජ්‍යය ‘කොවිඩ් 19’ ආසාදිතයන් හේතුවෙන් ‘ලොක්ඩවුන්’ කිරීමට අග්‍රාමාත්‍ය සියෝසි සොවාලේනී තීරණය කළේය.
‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ටොංගා දූපත් රාජ්‍යය ලොක්ඩවුන් කෙරුණු පළමු අවස්ථාව මෙයයි.මේ දක්වා ටොංගා දූපත් වැසියෝ ‘කොවිඩ් 19’ වසංගතයෙන් බේරී ලොවෙන් ද හුදෙකලා වී සිටියහ.
ගිනි කඳාු පිපිරීම සහ සුනාමිය හේතුවෙන් පසුගිය දිනවල එරටට සහනාධාර ලැබීම සිදුවිය. ඒ, අසල්වාසීන් වන ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙනි.
ඒ අනුව, පළමුවෙන් ආසාදිතයන් බව තහවුරු වූයේ වරාය සේවකයන් පිරිසක් යැයි පැවැසෙයි. ‘කොවිඩ් 19’ විෂබීජ ටොංගා දූපත් රාජ්‍යයට ව්‍යාප්ත වන්න ඇත්තේ ඔස්ට්‍රේලියා සහ නවසීලන්තයෙන් ලැබුණු ආධාරවලින් යැයි සැක කෙරේ.
Tonga හි 106,000 ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් Tongatapu හි ජීවත් වන අතර තුනෙන් එකකට වඩා අඩු පිරිසකට COVID-19 එන්නත් මාත්‍රා දෙකක් ලැබී ඇත.