WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාවට යොවුන් ලෝක කුසලානයේ 06 වන තැන

Fri, 04 February 2022- Page Views : 0 results

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසාන ක්‍රිකට් තරඟාවලියේ 06 වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණාය.

ඒ, රටවල් 16 ක් අතරින්ය. පස්වන ස්ථානය වෙනුවෙන් ඊයේ පැවති තරඟයෙන් පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 238 ක පරාජයක් ලැබීමට සිදු වුණාය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 365 ක් රැස් කළාය. තරඟාවලියේ මෙතෙක් දක්ෂ ලෙස පන්දු යැවීමක නිරතවූ ශ්‍රී ලංකා සියලු පන්දු යවන්නන් මෙහිදී දරුණු ප්‍රහාරයකට ලක්වුණාය.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට පන්දුවාර 34 යි පන්දු 02 ක් තුළ රැස්කරගත හැකි වූයේ ලකුණු 127 ක් පමණයි. එහිදී විනුජ රන්පුල් නොදැවී ලකුණු 53 ක්ද, නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 40 ක්ද රැස් කළද වෙනත් කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකුට මෙම තරඟයේදී ද සාර්ථක වීමට හැකි වුණේ නැහැ.