WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යොවුන් ලෝක කුසලානයේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයෙකුගේ නමක්

Mon, 07 February 2022- Page Views : 0 results

නිමා වූ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙ.

අදාළ කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ නිවේදනය කළා. ක්‍රීඩකයින් 12 දෙනෙකු යුත් එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක යෂ් ධුල් සදහන් කර ඇත.

රටවල් 8ක ක්‍රීඩකයින් මෙම කණ්ඩායමට නම් කර තිබෙනවා. යොවුන් ක්‍රිකට් ලෝක ශූරයින් වූ ඉන්දීය යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු සහ එංගලන්ත හා පාකිස්තාන යොවුන් ක්‍රීඩකයින් දෙදෙනා බැගින් එම කණ්ඩායමට නම් කර ඇත.

එම කණ්ඩායමට නම් කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මෙවර තරගාවලියේදී වැඩිම කඩුලු ලාභියා වූයේ කඩුලු 17ක් දවා ගනිමින්. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේද ඔහු බව සදහන් කර ඇත.