ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු තරගය 11 වැනිදා...
Tue, 08 February 2022- Page Views : 0 results
කොවිඩ් වයිරසය ආසාදනය වීම හමුවේ ඉකුත් 03 වැනිදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමගින් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට පිටත්ව යාමට නොහැකි වූ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව තිබේ.
වයිසරය ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනයේ නිරතව සිටි මොවුන් ඉකුත් 05 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත් විය. මේ අතර කොවිඩ් වයිරසය ආසාදනය වී සිටි චාමික කරුණාරත්නගේ කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයන්ගෙන් ඔහු තවදුරටත් කොවිඩ් වයිරස ආසාදිතයෙක් නොවන බවට තහවුරු වී තිබේ.
ඒ අනුව අද අලුයම චාමික ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වන අතර ඔහුට 11 වැනිදා පැවැත්වෙන දෙරට අතර පළමු තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බවද සැලවේ.