WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උතුරේ හින්දු විවාහ උත්සවයකට දකුණේ හිමිනමකගෙන් ලැබුණු ආශීර්වාදය

Wed, 09 February 2022- Page Views : 0 results

යාපනයේ දෙමළ ජාතිකයෙකුගේ හින්දු චාරිත්‍රවලට අනුකූලව පැවති විවාහ මංගල උත්සවයකට දකුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වැඩ මංගල පෝරුවේදී නව යුවලට පිරිත් නුල් බැඳ ආශීර්වාද කර තිබේ. ඉතා සුවිශේෂි සිදු වීමක් වූ මෙය බොහෝ දෙනාගේ අවධානයට මෙන්ම පැසසුමටද ලක්ව තිබේ.

සෙත් පිරිත් සඤ්ජායනා කොට පිරිත් නූල් බැද මෙලෙස ආශිර්වාද කර ඇත්තේ දකුණේ පාසලක දෙමළ භාෂාව උගන්වන එස්.ඉන්දරතන හිමියෝ තමන්ගේ හිතවත් ගුරුවරයෙකු වන යාපනයේ පදිංචි මදිසංකර් නැමැත්තාගේත් ප්‍රියාගේත් විවාහ මංගල උත්සවයටය.

හින්දු ක්‍රමයට අනුව පැවති එම විවාහ මංගල උත්සවයේදීම බෞද්ධ චාරිත්‍රයන් ඉටු වීම ගැන යාපනයේ ජනතාවට අලුත් අත්දකිමක් එක් වූවා පමණක් නොව මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ ජනතාවගේ ප්‍රසාදයද හිමිව තිබේ.

එමෙන්ම දෙමළ ජාතික නව යුවළ විසින් භික්ෂූන් වහන්සේට දානය පිළිගන්වා සිය ගෞරවය පුදකර තිබේ.