කිරිසමන්ගේ ෆේස්බුක් ඇඩ්මින්වරයාටත් වැඩ වරදී...
Wed, 09 February 2022- Page Views : 0 results
කථන ආ’බාධිත (ගොළු) මවුපිය දෙපළකට දාව උපන් 11 හැවිරිදි දැරියක් රවටා සාදවලට රැගෙන ගොස් ම ත්ද්‍රව්‍ය ලබාදී ඇයව වරින් වර අපහරණයට ලක් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන "ටික්ටොක් කිරිසමන්" නැමැත්තාගේ ෆේස්බුක් ගිණුම අක්‍රීය කර එය පවත්වාගෙන ගිය එහි ඇඩ්මින්වරයා අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වී තිබෙ.
ඉකුත් ජනවාරි 1 වැනිදා දෙහිවල ප්‍රදේශයේ සාදයකට සහභාගි වීම සඳහා නිවසින් පිටව ගිය දැරිය පසුදින නිවසට නොපැමිණි බවට ඇයගේ දෙමව්පියන් විසින් පැ මිණිල්ලක් සිදුකර තිබූ අතර එදින පැය කිපයකට පසු දැ රිය නිවසට පැමිණ ඇතත්, පොලිසියට ඇති වූ සැ කයක් මත දැරිය පොලිසිය වෙත ගෙන්වාගෙන මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් බව ද උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කර ඇත.
මෙමෙ ෆේස්බුක් ගිණුම තුල අපහරණයට ලක්වූ දැරියගේ සහ තවත් තරුණියන් රැසකගේ චායාරූප පළකර තිබු අතර ඔවුන් මේ සම්බන්දයෙන් භාවිතා කරතිබූ පරිඝණක, කැමරා ඇතුළු භාණ්ඩද ජාතික ළමාරක්ෂක අධිකාරිය භාරයට ගෙන තිබෙ.